Thursday, September 19, 2024

General line - 0115112241

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙරළියකට ශ්‍රී ලංකාවට අවස්ථාවක්




ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ද දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගැනීම හේතුවෙන්. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ පසුවනවා.

ඒ, ප්‍රසාද ලකුණු 36ක් සහ සියයට 42යි දශම 9ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රැස් කර ගනිමින්.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නම් එක් කණ්ඩායමක් අවම සියයට 60කට ආසන්න ජයග්‍රාහී ප්‍රතිශතයක් රැස් කර ගත යුතුයි. 

ශ්‍රී ලංකාවට එම අවස්ථාව ලඟාකර ගැනීම සඳහා තවත් තරඟ 06ක් ඉතිරිව තිබෙනවා.

ඒ, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව සමගයි.

මෙම තරඟ 06න් 04ක් එනම් නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි.

එම තරඟ 06ම ජය ගතහොත් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 69යි දශම 2යි 3ක් දක්වා ඉහළ යනවා. 

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.

අවම වශයෙන් තරඟ 05ක් හෝ ජයගතහොත් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 61යි දශම 5යි 4ක් දක්වා ඉහළ යනවා.