Friday, November 29, 2024

General line - 0115112241

මහපොළ වැඩි කළේ තරුණ ඡන්ද කඩන්න




විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යත්වය සහ ශිෂ්‍යාධාර වාරිකය වැඩි කිරීමට මැතිවරණ සමයක කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය විරෝධය පළ කරනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මේ මොහොතේ මෙලෙස දීමනා වැඩි කරන්නේ තරුණ ඡන්ද ඉලක්ක කරගෙන බවයි.


මෙම තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේද අවධානය යොමු කරවන බව ඔහු කියා සිටියා. 


විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500ක් දක්වාත් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.