Thursday, September 19, 2024

General line - 0115112241

මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් තුනක් - දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයාත් ශ්‍රී ලංකාවෙන්




දකුණු ආසියාවේ යොවුන් වේගවත්ම ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ මෙරෝන් විජේසිංහ පත් වුණා.

ඒ, ඊයේ ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදීයි.

එහිදී මෙරෝන් විජේසිංහ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 10යි දශම 4යි 1ක දක්ෂතාවක් දක්වමින්.

එම ඉසව්වේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාවට හිමි වුණා.

එය දිනා දුන්නේ තත්පර 10යි දශම 4යි 9කින් ඉසව්ව නිම කළ ශ්‍රී ලංකාවේ දිනෙත් වීරරත්නයි.

මීට අමතරව දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 පිරිමි  ධාවන ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාවට හිමි වුණා.

සවිඳු අවිශ්ක රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තුවයි තත්පර 49යි දශම 8යි 3කින් තරඟය නිම කරමින්.

මිනිත්තු 2යි තත්පර 10යි දශම 1යි 7කින් තරඟය නිම කළ තරුෂි අභිෂේකා, මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂිනීට හිමි වුණා.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශනෙලා විජේතුංග විසින් දිනා ගත් අතර උස පැනීමේ කාන්තා ඉසව්වෙන් කෂ්මි තිමේෂා හා නෙත්‍රා සමාධි රිදී පදක්කම් දිනා ගත්තා.

යගුලිය දැමීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජයවි අල්විස් විසින්.

සිව්වැනි වරටත් ඉන්දියාවේ සත්කාරකත්වයෙන් චෙන්නායි හී දී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය අවසානයේම ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගැනීමට සමත් වුණා.