Wednesday, September 18, 2024

General line - 0115112241

චීන පාලනයට ගොදුරු වන ටිබෙට් වැසියන්




චීනයේ රජය ටිබෙටයේ වැසියන් ඔවුන්ගේ ගම්මානවලින් සහ පාරම්පරික ඉඩම්වලින් ක්‍රමානුකූලව ඉවත් කරමින් සිටින බවට චෝදනා එල්ල වේ.

චීනය එය සිදු කරන්නේ දිළිඳුකම පිටුදැකීම සහ පාරිසරික ආරක්ෂාව යන මුවාවෙන් වන අතර ටිබෙට් වැසියන්ව බලහත්කාරයෙන් මධ්‍යගත ජනාවාස වෙත ගෙන යමින් සිටින බවයි පැවසෙන්නේ.

මෙම මහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපාරය 2016 සිට දැඩි ලෙස වේගවත් වී ඇත. එය ටිබෙට් සංස්කෘතිය ඛාදනය කරමින්, සාම්ප්‍රදායික ජීවනෝපායන් කඩාකප්පල් කරමින්, බොහෝ නැවත පදිංචි කරන ලද පවුල් දරිද්‍රතාවයට පත් කරමින් සහ ටිබෙට් වැසියන් රජයේ සහනාධාර මත ‍යැපෙන්නන් බවට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හියුමන් රයිට්ස් වොච් හි මෑත වාර්තාවකට අනුව, 2000 වසරේ සිට ග්‍රාමීය ටිබෙට් ජාතිකයන් 930,000කට අධික ප්‍රමාණයක්  ඔවුන්ගේ මුල් පදිංචි ස්ථානවලින් බැහැර කර යළි පදිංචි කර තිබෙනවා. 

මෙම නැවත පදිංචි කිරීම්වලින් 76%ක් සිදු වී ඇත්තේ 2016 වසරේ සිටයි.

චීන රජය මෙම ස්ථාන මාරු කිරීම් ස්වේච්ඡා දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රයත්නයන් ලෙසයි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, සාක්ෂි යෝජනා කරන්නේ ඔවුන් බොහෝ විට බලහත්කාරයෙන් සහ ටිබෙට්වරුන් උකහා ගැනීමට සහ කලාපය මත පාලනය දැඩි කිරීමට චීනයේ දේශපාලන න්‍යාය පත්‍රය මගින් මෙහෙයවනු ලබන බවයි.