Thursday, September 19, 2024

General line - 0115112241

කොළඹ - කටුනායක අධිවේගයේ කේබල් කැපූ සැකකරුවෙකු අත්අඩංගුවට




කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආසන්නයේ භුගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සේවයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු විසින් සොරකම් කරන ලද අඩි 14ක ප්‍රමාණයේ තඹ කේබල් 2ක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් මෙන්ම යකඩ කූරක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සංචාරක කොට්ඨාසය පැවසුවේ.