Thursday, September 19, 2024

General line - 0115112241

ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කුඹුක්ගැටේදී අත්අඩංගුවට




කුඹුක්ගැටේ, කඳුහාවත්ත ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුඹුක්ගැටේ පොලිස් ස්ථානයට ලද තොරතුක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුඹුක්ගැටේ, හිපව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.