Thursday, September 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු STF අත්අඩංගුවට




වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ‘සජී’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකල සැකකරුවන් දෙදෙනෙකු අංගොඩ සහ වැල්ලමිපිටය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් සහ රුපියල් 32,300ක මුදලක් සොයාගෙන තිබෙනවා.

අනෙක් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ රුපියල් 12,520ක මුදලක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.