Thursday, September 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට




දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකල වැටලීම් කිහිපයකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 වත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 350ක් සොයාගෙන තිබෙනවා.

සෙසු සැකකරුවන් මට්ටක්කුලිය සහ ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.