Thursday, September 19, 2024

General line - 0115112241

නානුඔයේදී මෝටර් රථයක් පෙරලෙයි




හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි රියදුරා තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ මොටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථය දුරකථන රැහන් කණුවක ගැටි මාර්ගය හරහා පෙරලී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.