Thursday, September 19, 2024

General line - 0115112241

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට

මාධව කුලසූරිය




ඉදිරි ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබෙනවා.

ජනාධිපති අපේකෂකයින්ගේ ප්‍රතිපත්ති විමර්ශනය කිරීමේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කමිටුව වවුනියාවේදී රැස්විමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමේ තීරණයට එහිදී එකඟතාව පළ කර නැහැ.

කෙසේවෙතත් කමිටුවේ ඉතිරි සාමාජිකයින් පස් දෙනාම ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.