Thursday, September 19, 2024

General line - 0115112241

මාලිමාවේ ආධාරකරුවෙකුට සජබයෙන් ප්‍රහාරයක්

රංජිත් රාජපක්ෂ




සමගි ජන බලවේගයේ අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදු කරනා අයුරු ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබුණා.

සමගි ජන බලවේගය එම ආසන සංවිධායකවරයා තවත් ආධාරකරුවන් පිරිසක් සමඟ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නාවලපිටිය නගර මධ්‍යයේ අත්පත්‍රිකා බෙදාහැර තිබෙනවා.

ඔවුන් නගරයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන වෙලදසැලක් වෙත ගොස් එම පත්‍රිකාවක් ලබාදීමේදී එහි සිටි තරුණයෙකු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට උරණ වූ අදාළ ආසන සංවිධායකවරයා විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක් වූ එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.