Thursday, September 19, 2024

General line - 0115112241

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා




ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කර එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා එල්ල වී තිබෙනවා.

ලෙබනන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව සාපරාධී ආක්‍රමණයක් වන බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයින් විසින්ම පණිවිඩ හුවමාරු කර ගැනීමට භාවිතා කරන, අතේ රැගෙන යා හැකි “පේජර්” නමැති යන්ත්‍රයි.

හිස්බුල්ලා සාමාජිකයින්ටම සීමා වූ මෙවැනි සන්නිවේදන උපකරණයක් එකවරම පුපුරවා හැරීම අතිශය සංකීර්ණ බවත් ඒ සඳහා නවීන තාක්ෂණයක් අවශ්‍ය බවටත් විදෙස් විචාරකයින් මත පළ කරනවා.

බේරුඩ් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක එම යන්ත්‍ර එක්වරම පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදු වුණා.

එහිදී පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 2,800ක් තුවාල ලබා ඇතැයි සඳහන්. මිය ගිය පිරිසට කුඩා දරුවෙකුද අයත්.