Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ගෞරවය බේරූ කමිඳු ලෝක වාර්තාවක් සම කරයි




ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කිරීමට අද සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද ගාල්ලේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදීයි.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කළා. ඔහු අද රැස් කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන් වන ශතකයයි.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් තමන් සහභාගී වූ පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරගෙන තිබෙනවා.

මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල්. 

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 07ක් දැවී ලකුණු 302ක් රැස් කළා.

අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 50යි.