Thursday, November 28, 2024

General line - 0115112241

හදිසි තත්ත්වයකට මුහුණ දීමට නාවික හමුදා කණ්ඩායම් 135ක් සූදානම්




දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා. 

ඔවුන් විසින් ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කර තිබුණා. 

ඒ අතරට කුඩා දරුවෙකුද අයත්. නාවික හමුදාව පැවසුවේ ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්පහක් සූදානමින් තබා ඇති බවයි.