අයහපත් කාලගුණය මධ්‍යයේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය පිය පුතු දෙපළක් සැඩ පහරට හසුව තිබෙනවා.
සැඩ පහර හේතුවෙන් ඔරුව පෙරළීගොස් පියා අතුරුදන් වී ඇති අතර පුතා දිවි බේරාගෙන ගොඩට පීනා ඇති බවයි පුල්මුඩේ පොලිසිය පවසන්නේ.
අතුරුදන්ව ඇත්තේ පුල්මුඩේ, තක්වානගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය මගින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.