Sunday, September 22, 2024

General line - 0115112241

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ




දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය අද මධ්‍යහන 12.00 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

 ඊයේ රාත්‍රී 10.00 සිට අද උදෑසන 06.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිසිය මීට පෙර නිවේදනය කළා.

ඒ අනුව අද උදෑසන 06.00ට ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදු නොවූ අතර එය දහවල් 12.00 දක්වා දීර්ඝ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

රට තුළ මේ වනවිට සාමකාමී තත්ත්වයක් පැවතුණ ද මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙලෙස ඇඳිරි නීතිය පනවන බවයි බවයි පොලිසිය මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඇඳිරි නීති කාල සීමාව තුළ තම නිවෙස්වලට වී කාලය ගතකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදී සිටින නිලධාරින්ට අදාළව බලය ලත් නිලධාරින් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලය ලත් ලේඛන ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකි වනවා.