Monday, September 23, 2024

General line - 0115112241

ඡන්දය දෙන්න වතුකරයට ගිය ජනතාවගෙන් චෝදනාවක්

රංජිත් රාජපක්ෂ




ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වතුකරයට පැමිණි තමන්ට යළි සිය රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට මගීන් චෝදනා කරනවා.

කොළඹ බලා යළි පැමිණිමට හැටන් බස් නැවතුම්පොළට පැමිණි ඔවුන් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එය ප්‍රමාණවත් නොවන බවට මගීන් චෝදනා කළා.