Tuesday, September 24, 2024

General line - 0115112241

නව ජනපති  කාදිනල් හිමි බැහැදකී




නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක තිබෙනවා.

ඒ බොරැල්ල අගරදගුරු නිල නිවසේදි.

එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී තිබෙනවා.

මෙහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

මෙම හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙලිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා තමන්ට සහිතක වූ බවයි