Friday, September 27, 2024

General line - 0115112241

භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව නඩු පවරන බව පරිසර සංවිධානයක් කියයි

උදය කුමාර




භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම පාදක කරගනිමින්.

වැලි කැණීමේ බලපත්‍ර හතරක් නිකුත් කිරීම හේතුවෙන් මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධී සිලිකා ජාවාරම තුළින් සිදුවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වනදා කැඳවූ අවස්ථාවේදී  අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණා.