පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිසත්රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141ක පවුල 66,947ක පුද්ගලයින් දෙලක්ෂ 30,743 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විශ්‍රාමික උදය හේරත් මහතා පැවසුවේ පුද්ගල මරණ 04ක්ද වාර්තා වන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට එක් වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවේ ප්‍රධාන ජලාශ 75න් 15ක් පමණ වාන් දමමින් ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ මේ වන විට නිකුත් කර ඇති නාය යෑමේ රතු නිවේදන එලෙසම ක්‍රියාත්මක බවයි.
වැසි ආපදා හේතුවෙන් 15,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නාමල් ලියනගේ මහතා පැවසුවේ.
මේ අතර තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇතිවී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදීයි.
ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට මෙහිදී දැනුම් දී ඇත්තේ.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.