Wednesday, November 27, 2024

General line - 0115112241

සහල් මිල ගැන මහා පරිමාන සහල් මෝල් හිමියන් තීරණයක් ගනී




රජයේ පාලන මිල යටතේ අලෙවි කිරීමට හැකිවන පරිදි වෙළඳුන් වෙත අද සිට සහල් නිකුත් කරන බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ සිදුකරන කාර්යයන්ට සහයෝගය දෙමින් සහල් මෝල් හිමියන් එම තීරණයට එළැඹි බවයි අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේ.