Sunday, September 29, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි




කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි.

අද දිනයේද බොහෝ පාඨකයින් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙනු ඇතැයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා.

ගත වූ දින දෙක තුළ පාඨකයින් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පැවසුවේ.

පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි කිහිප දෙනෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

 


25වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මෙවර ද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.

ප්‍රදර්ශන භූමියේ නෙත් එෆ් එම් කුටියක් ද ස්ථාපිතයි. 

පසුගිය වසරවල මෙන් මෙවර ද එහි පොත් කැටය ස්ථාපිත කර තිබෙනවා.  

ඒ, දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහායි.

ඔබ මිලදී ගන්නා පොතක් පොත් කැටයට දැමීමෙන් ඔබට ද එම සත්කාරයට දායක විය හැකි වනවා.