Wednesday, November 27, 2024

General line - 0115112241

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව චෝදනාවක්




මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා වෙනත් නිලධාරියෙකු පත් කරන්නැයි ඉල්ලා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක එකමුතුව විසින්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛතම කාර්යයන් කිසිවක් කෙරෙහි අවධානය යොමුකර නොමැති බවද ඔවුන් චෝදනා කරනවා.

නීත්‍යානුකූල ධූර කාලයෙන් පසුවද තෙවරක් සේවා දිගු ලබාගෙන ඇති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා තවදුරටත් එම තනතුරේ රඳවා ගන්නේ නම් තමන් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවද එම සේවක එකමුතුව සිය ලිපියෙන් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගෙන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට එල්ලකරන මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.