Tuesday, October 1, 2024

General line - 0115112241

සිව්වන දිනටත් නන්දෙසින් පාඨකයින් රැසක් කොළඹ පොත් ප්‍රදර්ශන භූමියට




සිව්වන දිනටත් අද ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමඟ බොහෝ පිරිසක් මේ වනවිටත් එක්ව සිටිනවා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලබන  06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග පැවසුවේ.


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන පරිශ්‍රයේ නෙත් එෆ් එම් කුටියේ ස්ථාපිත පොත් කැටය සඳහා අද දිනයේද බොහෝ පිරිසක් පොත් පරිත්‍යාග කළා.

දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා ඔබට ද පොත් පරිත්‍යාග කළ හැකියි.