Tuesday, October 1, 2024

General line - 0115112241

රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි: 




ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවී තිබෙනවා

මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් මහතා විසින් සිය පණිවිඩයේ සඳහන් කර තිබෙන බවයි  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ,

තවද ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කරන අතරම වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වයම විසින් අවධාරණය කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.