Friday, October 11, 2024

General line - 0115112241

මාස 15කට පසු ඩොලරය 300ට වඩා අඩු වෙයි




වසරකට අධික කාලයකට පසු රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය අද පළමු වරට රුපියල් 300 සීමාවට වඩා අඩු වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 290යි ශත 30ක් ලෙස දැක්වුණා.

එහි විකුණුම් මිල රුපියල් 299යි ශත 35ක් ලෙසයි සටහන් වුණේ. 

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙතරම් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි මාසයෙන් පසුව පළමු වරට බවයි විනිමය අනුපාත දත්ත උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.