කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී හරවා යවා තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාළේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබෙනවා.
මීට අමතරව ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03ක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එහෙත් ඊයේ රාත්‍රී 09ට චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ යානයක් වැසි තත්ත්වය පැවතියද, කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී තිබෙනවා.