Friday, September 20, 2024

General line - 0115112241

මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (UPDATE)




ධීවර විරෝධයක් හේතුවෙන් ධාවන කටයුතු අඩාලව පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

විරෝධතාකරුවන් දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයට පැමිණ විරෝධය පවත්වා තිබුණා.

පසුව ධීවරයින්ගේ අදාළ ගැටළු සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡාවක් ලබා දීමේ එකඟතාවය මත විරෝධතාවය විසුරුවා හැරුණා.


රේල්පාරේ බෝට්ටුවක් ගිනි තබා විරෝධයපායි

(Jul 4, 2016 @ 09:21)

ධීවර විරෝධයක් හේතුවෙන් දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ධීවරයින් පිරිසක් දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ ස්ථානයකදී ධීවර බෝට්ටුවක් දුම්රිය මාර්ගයට ගෙනවිත් ගිනි තබා විරෝධය පෑම හේතුවෙන් මෙම බාධා ඇති වී තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.