Monday, November 11, 2024

General line - 0115112241

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් සාමාන්‍ය වැසියන්ට නියෝග




පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. 

අදාළ නියෝගයට අනුව ඉවත් විය යුතු ප්‍රදේශ කිහිපයක්ද පෙන්වන සිතියමක් ඊශ්‍රායල හමුදාව විසින් ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරු ඇඟවීමට පෙර ඊශ්‍රායලය එම ප්‍රදේශයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

ගාසා තීරයේ වෛද්‍ය නිලධාරීන්ට අනුව ඊශ්‍රායල ප්‍රහාරවලින්  ගාසා තීරයේ  පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බවට සඳහන්. 

එම නියෝගයත් සමග ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ රැදී සිටින දහස් ගණනක් අවතැන් ජනතාව තවත් පීඩාවට පත්වී තිබෙනවා. 

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ ගසා තිරයේ යුධ ගැටුම් සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි විසින් සිරියාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.