Saturday, November 23, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා




ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, බංග්ලාදේශය ඩකා නගරයේ විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඉස්ලාමී ආන්දෝලන් බංග්ලාදේශ (IAB) ඉස්ලාමීය දේශපාලන පක්ෂයය එම විරෝධතාව සංවිධාන කර තිබුණා.

පලස්තීනය සහ ලෙබනනය ඇතුළු මැදපෙරදිග මුස්ලිම් රටවලට ඊශ්‍රායල ජාතිකයන් විසින් එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්ද ඔවුහු විරෝධය පළකරමින් මුස්ලිම් ජාතීන් සමගි වන ලෙස ඉල්ලා ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම දේශපාලන පක්ෂයේ නායකයින් සහ ක්‍රියාකාරීන් ඊශ්‍රායලයේ ඝාතන රැල්ල වහාම නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඊට දහස් ගණනක පිරිසක් එක්ව සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පලස්තීන ධජ අතැතිව යුද විරෝධි සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූ බවයි.

මේ අතර මුස්ලිම් ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් සහ ඉන්දියාවේ මෝදි රජය හසීනාට සහය පළ කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජගත් සංවිධානය  කඩිනම් පියවර ගතයුතු බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.