Sunday, October 6, 2024

General line - 0115112241

ගාසා තීරයේ දේවස්තානායකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්




පලස්තීනයේ සාමාන්‍ය වැසියන්ට ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබෙනවා.

අදාළ නියෝගයට අනුව ඉවත් විය යුතු ප්‍රදේශ කිහිපයක්ද සඳහන් සිතියමක් ඊශ්‍රායල හමුදාව විසින් ‘X. සමාජ මාධ්‍යයේ ඔස්සේ පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අනතුරු ඇඟවීමට පෙර ඊශ්‍රායලය එම ප්‍රදේශයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීර වෛද්‍ය නිලධාරීන්ට අනුව ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ  ජීවත් වූ පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

ඊශ්‍රායලය විසින් ලබාදුන් නියෝගයත් සමග ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ රැඳී සිටින දහස් ගණනක් පීඩාවට පත්ව අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසාහි දේවස්ථානයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අවතැන් වූ පුද්ගලයින් රඳවා සිටි දේවස්ථානයක් වෙත අදාළ ප්‍රහාරය එල්ල කළ ඇති බවයි.

ප්‍රහාරයෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය විසින් පලස්තිනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 42, 000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන 2 යි දශම 3 කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.