Saturday, November 23, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක් සපිරෙයි 




ඊශ්‍රායලය වැසියන්ට නොමැකෙන කැළලක් ඇති කරමින් හමස් සංවිධානය විසින් එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට අදට වසරක් සපිරෙනවා.

මීට වසරකට පෙර 2023 ඔක්තෝබර් 7 වැනිදා උදෑසන 6:30ට පමණ හමාස් සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී නෝවා සංගීත උළෙලකට ප්‍රහාර එල්ල කර තිබුනා 

එම අවස්ථාවේදී ඊශ්‍රායල වැසියන්  අවම වශයෙන් 1,189 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය අතර, අද වනවිට ඔවුන්ගෙන් 102දෙනෙක් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන්න පවා නොදන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දමන බවටය ප්‍රතිඥා  දුන් අතර  ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය.

මේ වනවිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීනුවන් ගණන 41,825ක් වන අතර  තුවාල ලැබූ ගණන 96,910 වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එම මියගිය අය සහ තුවාල ලැබූවන් අතරේ සිටින වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් වනවා 

2007 සිට හමාස් විසින් පාලනය කරන ලද ගාසා තිරයම මේ වන විට සුන් බුන් ගොඩක් වී ඇති අතර එහි යටිතල පහසුකම් වලට දැඩි ලෙස හානි සිදුවී ගාසා තීරයේ මානුෂීය තත්වය ව්‍යසනකාරී මට්ටම් කරා ළඟා වී තිබෙනවා 

මේ හේතුවෙන් ගාසා වැසියන් දැවැන්ත ආහාර හිඟයකට, රෝග පැතිරීමට සහ මිලියන 1.9 ක ජනතාවක් අවතැන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ 

මේ වන විට යුද්ධය ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් අතරේ ගැටුමක් දක්වාත්, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ ගැටුමක් දක්වාත් වර්ධනය වී  තිබෙනවා .

2024 ජූලි 27 ලෙබනනයේ සිට  ගෝලාන් කඳුකරයට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වයස අවුරුදු 10 ත් 20 ත් අතර ළමුන් 12 දෙනෙක් මිය ගොස් තවත් 19 දෙනෙක් තුවාල ලැබූ අතර එය ඔක්තෝබර් 7 වැනිදායින් පසු ඊශ්‍රායල සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරයයි

ප්‍රහාරය පිටුපස ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සිටින බවට ඊශ්‍රායලය චෝදනා කල අතර එම ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් හිස්බුල්ලා කණ්ඩායම විසින් පාලනය කරනු ලබන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට  ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කල අතර එහිදී  ෆුවාඩ් ෂුක්ර් හිස්බුල්ලා මහලේකම් මරුණුවට පත් විය 

2024 ජූලි 31 හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වන ඉස්මයිල් හනියේ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු ටෙහෙරානයේ සිදුවූ පිපිරීමකින් මිය ගියේය . 

2024 සැප්තැම්බර් 28, ඊශ්‍රායලය බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කල අතර එහිදී දශක තුනකට වැඩි කාලයක් ෂියා කණ්ඩායමට නායකත්වය දුන් හසන් නස්රල්ලා මරණයට පත් වී තිබෙනවා.

තවද යේමනයේ හවුති කැරලිකරුවන් වසරක ආසන්න කාලයක සිටි ඊශ්‍රායල ප්‍රහාරවලට මැදිවී සිටින පලස්තීන ජනතාවට සහය පළකරමින් ඊශ්‍රායල නැව් ඉලක්ක කරගෙන රතු මුහුදේ සහ බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ බටහිර නැව් මාර්ගයට සහ ඊශ්‍රායලයට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කර තිබුනා.

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා හූති සංවිධානය රතු මුහුදේ වාණිජ නෞකා 100කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ලකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මෙම ප්‍රහාර වලට එරෙහිව ඔස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවල සහය ඇතිව එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදාව හූති ඉලක්කවලට ප්‍රහාර දියත් කල අතර සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ අවි ගබඩා ඇතුළත් ස්ථාන 16කට පහර දී  විනාශ කර තිබෙනවා .

ඊශ්‍රායලය විසින් පලස්තිනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 42,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන 2.3 පිරිසක් අවතැන්ව සිටිනවා 

මේ වන විට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම අතර පවතින ගැටුම් මධ්‍යයේ 2,00,000කට වැඩි පිරිසක් ලෙබනනයේ සිට සිරියාවට සංක්‍රමණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ගාසා තීරය මේ වනවිට මිහිපිට අපායක් බවට පත් වී ඇති බවයි