Tuesday, November 26, 2024

General line - 0115112241

සුරාබදු සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලට වැඩබලන කොමසාරිස් ජනරාල්වරුන්




ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා ජන සභා ලේකම් කාර්යාලය සඳහා කොන්ත්‍රාත් පදනම මත සිදුකරන ලද බඳවාගැනීම් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්. 


මේ අතර වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. 


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි එම මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් පැවසුවේ.