Tuesday, November 26, 2024

General line - 0115112241

නෙළුම් කුලුණෙන් පැන්න සිසුවිය ගැන රහසක් හෙළිවෙයි




කොළඹ, නෙළුම් කුලුනෙන් බිමට පැන 16 හැවිරිදි සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

නෙළුම් කුලුනේ 29 වන මහලෙන් පැන එලෙස සියදිවි හානිකරගෙන තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්.

ඇය ඊයේ දිනයේ පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත පැමිණ ඇති බවද අනාවරණවී තිබෙනවා. 

මේ අතර මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤ වීදිය අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයකින් පැන කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස සියදිවි හානි කරගත් සිසුවා සහ සිසුවිය ඊයේ දිනයේදී නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානිකරගත් සිසුවියගේ මිතුරන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිය මිතුරන් දෙදෙනා සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය හේතුවෙන් ඊයේ දිනයේ සියදිවි හානිකර ගත් සිසුවිය දැඩි මානසික පීඩනයකින් පෙලුණු බවට ඇයගේ පියා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බවද පොලිසිය පැවසුවා.  

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ද අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වුවා.