Tuesday, November 26, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂවල නාම යෝජනා අවසන් අදියරට




එළඹෙන මහමැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය නාම යෝජනා සැකසීම අවසන් අදියරට පැමිණ තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් වටගල මහතා පැවසුවේ කිසිදු චෝදනාවකට ලක්වූ පුද්ගලයෙකු සඳහා සිය පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බවයි.  

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ තම පක්ෂයේ නාම යෝජනා සකස් කිරීමද දැන් සම්පූර්ණ කරමින් ඇති බවයි. 

ගෑස් සිලින්ඩරය යටතේ ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කණ්ඩායමේ සාමාජිකයින් ද මෙවර මහමැතිවරණය සඳහා තරඟ වැදීමේ අපේක්‍ෂාවෙන් නාම යෝජනා සඳහා අද අත්සන් තැබූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පැවසුවේ.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සිය පක්ෂයේ නාම යෝජනා සකස් කිරීමද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.