ලෙබනන් භූමි ප්‍රදේශයෙන් හතරෙන් එකක් ඊශ්‍රායල් හමුදා භාරයේ පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඔවුන්ගේ දත්තවලට අනුව ඊශ්‍රායලයේ දැඩි ගුවන් ප්‍රහාර ආරම්භ කළ දා සිට මේ දක්වා ලෙබනනයේ මිලියන 1යි දශම 2ක පමණ ජනතාවක් අවතැන් වී ඇතැයි සඳහන්.
මේ වන විට නිකුත් වී ඇති වාර්තාවලට අනුව ලෙබනනයේ දකුණ, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල හිස්බුල්ලා සටන්කාමීන් හා ඊශ්‍රායල හමුදා අතර තවදුරටත් ගැටුම් පවතිනවා.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලෙබනන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගාසා තීරයේ ඇති විනාශය සහ දුක් වේදනා වළක්වා ගැනීමට හිස්බුල්ලා සංවිධානය පළවා හරින ලෙසයි.
යුද්ධය අවසන් කිරීමට හැකි වන පරිදි රට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් නිදහස් කර ගැනීමේ අවස්ථාව පවතින්නේ රට වැසියන්ට බවයි ඊශ්‍රායල් අගමැතිවරයා පවසා ඇත්තේ.