Saturday, November 23, 2024

General line - 0115112241

බංග්ලාදේශ රජයට එරෙහිව ජිනීවහිදී විරෝධතා




බංග්ලාදේශ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට ඇති Broken Chair සමරුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කළේය.

අනාගමික බංග්ලාදේශය සඳහා වූ ජාත්‍යන්තර සංසදය විසින් ඊට සත්කාරකත්වය සපයන ලදී, 

“අගෝස්තු 5 න් පසු: මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” යන මැයෙන් පවත්වන ලද මෙම විරෝධතාවයේදී බංග්ලාදේශයේ පවතින ව්‍යාකූල දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් සිය කණගාටුව ප්‍රකාශ කලහ.

විරෝධතාකරුවෝ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට සහ ජාතියේ ආරම්භක නායකයා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ට සහය පළ කරමින් සටන් පාඨ කියමින් සහයෝගීතාවයෙන් රැස් වූහ.

ඔවුන් තම පණිවිඩ ප්‍රකාශ කරන බැනර් සහ පත්‍රිකා අතැතිව මොහොමඩ් යූනුස් ප්‍රමුඛ වත්මන් රජයට විරෝධය පළ කළහ.

විරෝධතාවය අතරතුර, විරෝධතාකරුවන් තම රට සහ එහි නායකයින් සමඟ ඇති ගැඹුරු සම්බන්ධතාවය ප්‍රකාශ කරමින් රටේ ජාතික ගීය ගායනා කළ බව් ද විදෙස් මාධ්‍ය පවසයි.