Tuesday, November 26, 2024

General line - 0115112241

ශක්තිමත් පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය ගැන ජනපති අවධාරණය කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්




රට තුළ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නම් පාර්ලිමේන්තු බලය තහවුරු කරගත යුතු බවයි.

ජනාධිපතිවරණයේ දී ජනතාව ලබාදුන් බලයට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් මහ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


ප්‍රමාණාත්මක බහුතර බලයක් තහවුරු කර ගනිමින් ජනතාවට ගුණාත්මක සේවා සපයන කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි ජාතික ජන බලවේගයේ මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරා වැඩිදුරටත් පැවසුවේ.