Saturday, November 23, 2024

General line - 0115112241

ජර්මනියේ බෝල්ටික් මුහුද ආසන්නයේදී තෙල් නෞකාවක් පුපුරා යයි




ජර්මනියේ බෝල්ටික් මුහුදු වෙරළ ආසන්නයේ ගමන් කරමින් තිබු තෙල් නෞකාවක් පුපුරා ගොස් තිබෙනවා.

නෞකාවේ ගබඩා කාමරයක් තුළ හටගත් ගින්නක් හේතුවෙන් එම පිපිරීම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගින්න නෞකාව පුරා පැතිර යාමට පෙර ගින්න පාලනය කළ බවයි වාර්තා වන්නේ.  

සමුද්‍රීය ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ හත්දෙනාම යාත්‍රාවෙන් පිටතට ගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා බෝට්ටු 03 ක්, ගිනි නිවන කණ්ඩායම් කිහිපයක් සහ හෙලිකොප්ටර් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නෞකාවේ තත්ත්වය මේ වන විට ස්ථාවර බව විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 640 ක් රැගෙන ගොස් තිබෙනවා.

එරට රජය පවසන්නේ පිපිරීයාමෙන් ඇති වූ තෙල් කාන්දුව හේතුවෙන් පාරිසරික හානියක් සිදු විය හැකි බවයි.