Tuesday, November 26, 2024

General line - 0115112241

මහ වැස්සෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට




දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 34,492ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පිරිස පවුල් 34,492 කට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 81 ක පවුල් 1,753 කට අයත් පුද්ගලයින් 6,963 ක් රඳවා සිටිනවා.

ඇදහැලුනු මහ වැසි හමුවේ සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 240 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

මේ වන විට වාර්තා වන ආපදා මරණ සංඛ්‍යාව 03 ක්.