Saturday, November 23, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් හතර දෙනෙකු මරුට




උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් හතර දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා 

ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලා සංවිධානය භාරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු ලෙබනනයේ හා බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් පවසනවා.

හයිෆා නගරයට කිලෝමීටර 33ක් දකුණින් පිහිටි නගරයක් වන බින්‍යැමිනා නගරය අසල කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයන් හත් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ලෙබනනයේ සිට දියත් කරන ලද පහත් මට්ටමේ ඩ්‍රෝන යානයකින් කඳවුරට පහර දුන් බවයි ඊශ්‍රායල මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ.