Saturday, November 23, 2024

General line - 0115112241

ගාසා තීරයේ පාසලකට එල්ලවූ ප්‍රහාරයෙන් 15 දෙනෙකු මරුට




ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 15 දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මධ්‍යම ගාසා තීරයේ අල්-මුෆ්ටි පාසලට මෙලෙස ප්‍රහාර එල්ල කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊයේ දිනයේද මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන නුසෙයිරාත් සරණාගත කඳවුරකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර තබුන අතර එහිදී පලස්තීනුවන් 22 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු තුවාල ලබා තිබුනා 

ඊශ්‍රායල හමුදාව පැවසුවේ නාගරික නුසෙයිරාට් සරණාගත කඳවුරේ අබු ඔරයිබාන් පාසලේ සිට ක්‍රියාත්මක වන හමාස් “ත්‍රස්තවාදීන්” ගනනාවක් ඉලක්ක කරගත් බවයි.

ඊශ්‍රායල හමුදා මේ වනවිට ගොඩබිම් මෙහෙයුමක නිරත වන අතර එම මෙහෙයුමේදී සිදු කරන ප්‍රහාර තවත් දැඩිකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා රතු කුරුස සංවිධානය මගින් තුවාල ලබන පිරිස් වලට ප්‍රතිකාර කිරීම දිගටම සිදු කරන අතර මේ වන විට රෝහල්වල සැපයුම් ද අවසන් වෙමින් පවතින බවයි  

මේ වන විට  ගාසා තීරයේ මිලියන 2.4 ක ජනතාවගෙන් මිලියන 1.9 ක් පමණ යුද්ධයෙන් අවතැන් වී ඇති අතර 42,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.