Saturday, November 23, 2024

General line - 0115112241

තායිවාන හමුදාව සීරුවෙන්




චීනය තායිවානයසහ එහි පිටත දූපත් වටා මුහුදේ යුද අභ්‍යාසයක් පැවැත්වීම හේතුවෙන් තායිවානය සිය හමුදා සීරුවෙන් තබා තිබෙනවා.

මේ සඳහා ගුවන් යානා 125 ක් මෙන්ම එහි ලියාඕනිං ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ නැව් ද යොදවා තිබුනා.

පසුගිය සතියේ තායිවාන ජනාධිපති විලියම් ලායි චීනය සම්බන්ධයෙන් විරුද්ධ අදහස් පළකිරීමට ප්‍රතිචාර ලෙස මෙය සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තායිවානය වැඩිදුරටත් කියා සිටියේ චීනය හමුදා අභ්‍යාස සිදු කළ ද ගුවන් හා වරාය මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මෙය හෙළා දැක තිබෙනවා.

තායිවානයේ  ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුද ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ඇතුළු ගුවන් යානා 90ක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය තුළ දක්නට ලැබුණු බවයි.

තවද  මෙවැනි ක්‍රියා “ගෝලීය සාමයට සහ ස්ථාවරත්වයට සැලකිය යුතු හානියක්” ඇති කර ඇති බවයි තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

චීනය සහ තායිවානය අතර ආරවුල සිවිල් යුද්ධයක් දක්වා දිව යයි, එහිදී චියැං කායි-ෂෙක්ගේ ජාතිකවාදී බලවේග මාඕ සේතුංගේ කොමියුනිස්ට් සටන්කරුවන් විසින් පරාජය කර 1949 දී දිවයිනට පලා ගියේය.

එතැන් සිට චීනය සහ තායිවානය වෙන වෙනම පාලනය වේ.