Tuesday, November 26, 2024

General line - 0115112241

කොළඹ සියලු පාසල්  හෙටත් වැසේ 




අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේද වසා තැබීමට බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත  පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබුනා 

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන  අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවයි.