Tuesday, November 26, 2024

General line - 0115112241

තේ දළු ප්‍රවාහනය කල ලොරි රථයක් දුම්රියේ ගැටෙයි, රිය සහයකයා රෝහල් ගත කෙරේ.

 හැටන් රංජිත් රාජපක්ෂ          




තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් දුම්රියේ ගැටිමෙන් ලොරි රථයේ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා 

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා ධාවනය වු 1007 විශේෂ මගි ප්‍රවාහන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා ධාවනය කල අවස්තාවේ අද පස්වරු 3.30ට පමණ හැටන් යුනිෆිල්ඩ් වත්තේ සිට එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටි තිබෙනවා.

වංගුවක් සහිත එම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් සවි කර තිබුණද එම ගේට්ටුවේ මුරකරුවෙකු නොමැති නිසා ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල අවස්තාවේ දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබු බවත්, එම අවස්තාවේ ලොරි රථයට පිටුපසට ධාවනය කිරිමට උත්සහ කිරිමත් සමගම දුම්රිය ලොරි රථයේ වම් පස ගැටි මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර සිදු වන අවස්තාවේ ලොරි රථයේ පිටුපස වතු කම්කරුවන් පස්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

ලොරි රථය දුම්රියේ ගැටිමෙන් පසු ධාවනය වු දුම්රිය නතර කර දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් තුවාලකරු රෝහල් ගත කර දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට පියවර ගෙන තිබෙනවා.