අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 ක පවුල් 40,516 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 58,391 ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
එහි ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉන් පුද්ගලයින් 10,369 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද එහිදී අදහස් පල කළා.
අත්තනගලු හා කැලණි ගඟේ පහත්බිම් ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පවසනවා.
කළු ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.