බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කළා.
මේ අතර ගිං ගඟේ සහ නිල්වලා ගංඟාවේ පහත්බිම් ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් වැඩිවෙමින් පවතින බවයි වාරිමාරිග දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් එම ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි.
අත්තනගලු ඔය, කැලණි සහ කළු ගංඟා ද්‍රෝණිවල ගං වතුර තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.