Tuesday, November 26, 2024

General line - 0115112241

අලුත් ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ගත් හේතුව හෙළි වෙයි




වත්මන් රජය භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ලබාගෙන ඇත්තේ පසුගිය රජය විසින් ලබාගෙන ඇති දේශීය ණය ගෙවීම සඳහා බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ඉදිරි වසර තුළ පසුගිය රජය විසින් ලබාගෙන ඇති රුපියල් බිලියන 4,859 ක පමණ ණය මුදලක් වර්තමාන රජයට ගෙවීමට සිදුවන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ.


කෙසේවෙතත් පවතින ණය ක්‍රමානුකූලව අඩුකර ගැනීමට රජය සැලසුම් සහගතව කටයුතු කළ යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.