Tuesday, October 15, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් පක්ෂ ලේකම්වරුන්ට කැඳවීමක්




දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එමෙන්ම අපේක්ෂකයින් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල පිළිබඳව ද එම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.