Tuesday, October 15, 2024

General line - 0115112241

කොටුව සහ මරදාන අතර දුම්රිය එංජිමක් පීලිපනී 




ධාවනය වූ දුම්රිය එංජිමක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමකට ලක්වී තිබෙනවා 

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත්තේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවද  දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියා.